ඇමෙරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව වාර්ෂිකව පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස පෙබරවාරි 24 සිට අප්‍රේල් 18 දක්වා කාලය තුළ පවත්වන බව දෙරටේම ආරක්ෂක බලධාරීන් විසින් නිවේදනය කරන ලදී.
කෙසේ වෙතත් මෙම නිවේදනය උතුරු කොරියාවේ කෝපය උත්සන්න කරවන්නක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පසුගිය සතියේදී මෙම යුද අභ්‍යාස සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය දක්වමින් උතුරු කොරියාව නිවේදනයක්ද නිකුත් කර තිබුණු අතර, එය යුද පෙරහුරුවක් ලෙස ඔවුන් හඳුන්වා තිබිණි.
මේ අතර, උතුරු කොරියාවේ සිරගතව සිටින ඇමෙරිකානු ජාතිකයා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් වූ ඇමෙරිකානු නියෝජතයෙකුට කරන ලද ආරාධනය උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කිරීම කනගාටුදායක තත්ත්වයක් බව ඇමෙරිකාවද පවසා ඇත. මෙම ඇමෙරිකානුවා වසරකට වැඩි කාලයක් උතුරු කොරියාවේ සිරගතව සිටියි.
කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපද හා දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීන් විසින් නිවේදනයක් නිකුත් කරමින් භූමියේ, ජලයේ හා ගුවනේ සිදුකරන සටන් පෙබරවාරි 24 වැනිදා ඇරඹෙන බව තහවුරු කර ඇත.