ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් භාරතීය ජනතා පක්ෂය පක්ෂය හෙවත්, වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන බී.ජේ.පී.යේ ඔත්තු බැලූ බවට වාර්තාවක් පළවීමත් සමග ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඉන්දියාව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු තානාපති නිලධාරීන් කැඳවා ඇති බව වාර්තා වෙයි.
එවකට භාරතීය ජනතා පක්ෂය විපක්ෂයේ සිටියදී මෙම ඔත්තු බැලීම් සිදුකර ඇති බව ඇමෙරිකාවේ හිටපු චරපුරුෂයෙකු වූ එඩ්වර්ඩ් ස්නෝව්ඩන් කළ හෙළිදරව්වකට අනුව වොෂිංටන් පෝස්ට් පුවත්පත සිදුකළ අනාවරණයකින් මෙම කැළඹීම ඇතිවී තිබේ.
ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය, ඔත්තු බැලීම සඳහා ඉලක්ක කරගත් විදේශීය ආයතන අතර භාරතීය ජනතා පක්ෂයත් වූ බව එඩ්වර්ඩ් ස්නෝඩන් පවසා සිටි බව එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම ඇමෙරිකාව හා ඉන්දියාව අතර රාජතාන්ත්‍රික අර්බුදයක් දක්වා දුරදිග ගමන් කරනු ඇති බවද කියැවෙයි.