ඇමෙරිකානු හමුදා සෙබලෙකු ඇෆ්ගනිස්තානයේ තලේබාන් අත්අඩංගුවෙන් බේරාගැනීම සඳහා ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ සිටි තලේබාන් සැකකරුවන් 5 දෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල දැඩි විරෝධතාවක් එල්ල වෙමින් පවතින බව කියැවෙයි.
එරට රිපබ්ලිකන්වරු චෝදනා නඟමින් කියා සිටින්නේ මේ පූර්වාදර්ශය ඇමෙරිකානු ජනතාවගේ ජීවිත අනතුරේ හෙලන්නක් බවයි.
සෙනට් සභික ජෝන් මැකේයින් පවසන පරිදි කටාර් රාජ්‍යයේදී නිදහස් කෙරුණු තලේබාන් සැකකරුවන් අතර, අතිශය භයානක ත්‍රස්තවාදීන්ද සිටියි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයද චෝදනා එල්ල කරන අතර, මේ ආකාරයෙන් තම රටේ සිරකරුවන් තුන්වැනි පාර්ශ්වයේ රටකට භාරදීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව පවසයි.
28 හැවිරිදි බෝව් බර්ඩ්ඩාල් නමැති අමෙරිකානු සෙබලා පසුගිය සෙනසුරාදා දිනයේදී ඇමෙරිකානු හමුදාව වෙත භාර දෙන ලදී.