න්‍යෂ්ටික වැඩපිළිවෙළ තහනම් කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ තම රටට එරෙහිව දැඩි සම්බාධක ගෙනඒමට කටයුතු කළ ඇමෙරිකාවෙන් පළිගන්නා බව උතුරු කොරියාව අවධාරණය කරයි.
පසුගිය සෙනසුරාදා ආරක්ෂක මණ්ලයේදී උතුරු කොරියාවට එරෙහිව ගෙනඑනු ලැබූ නවතම සම්බාධක ඒකච්ඡන්දයෙන් සම්මත විය. කෙසේ වෙතත්, මෙම සම්බාධක පැනවීම උතුරු කොරියාවේ ස්වෛරීභාවය දරුණු උල්ලංඝනයකට ලක්කිරීමක් බව ප්යොන්ග්යැන් පාලනය කියයි.
කෙසේ වෙතත්, මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා උතුරු කොරියාව සමග සාකච්ඡාවට තමන් කැමැත්තෙන් සිටියත්, මෙවරත් උතුරු කොරියාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව දකුණු කොරියාව කියයි.
උතුරු කොරියාවට පනවනු ලැබූ මෙම සම්බාධක හේතුවෙන් එරට අපනයන ආදායම තුනෙන් එකකින් අඩුවන බව සඳහන් වෙයි.
ජූලි මාසයේදී උතුරු කොරියාව විසින් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ද්විත්වයක් අත්හදා බැලීමත්, එම මිසයිල ඇමෙරිකාවට වුවද පහරදීමට තරම් ප්‍රබල අවි බවත් උතුරු කොරියාව පැවසීමත් සමග මෙම නවතම සම්බාධක ඔවුන් වෙත පනවනු ලැබිණි.
මේ අතර, ප්යොන්ග්යැන් පාලනය පවසා සිටියේ තම රටේ ආරක්ෂාව වෙනුවෙන් අත්හදා බලන මිසයිල පද්ධතිය සාකච්ඡා මේසයක් මත දියාරු කර හැරීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවයි. එනම්, ලෝක බලවතුන්ගේ සම්බාධක ඉදිරියේ දණ නොනමන බව උතුරු කොරියාව මේ හරහා සපථ කර තිබේ.