ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ, සින්සිනාටි නගරයේ රාත්‍රී සමාජ ශාලාව සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14ක් තුවාල ලබා තිබේ.
අද අලුයම් කාලයේදී කැමියෝ සමාජ ශාලාවේ සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් තුවල ලැබූ පිරිසකගේ තත්ත්වය අසාධ්‍ය බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොතිබුණත්, පොලීසිය මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රාත්‍රී සමාජ ශාලවේ සියයකට අධික පිරිසක් රැඳී සිට ඇති අතර, වෙඩි තැබීමත් සමග බොහෝ දෙනා මර බියෙන් හිස් ලූ ලූ අත දිවගොස් ඇති බවද වාර්තා වෙයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි රැසක් සටහන් කරගෙන ඇති අතර, මෙය කුමන අරමුණිකින් සිදුකළ ප්‍රහාරයක්ද යන්න පිළිබඳව පොලිසියේ දැඩි විමර්ශණයට ලක්ව තිබේ.