ඉරාක හමුදාවට යුද උපදෙස් ලබාදීම සඳහා ඇමෙරිකාවෙන් පැමිණි ප්රථම යුද උපදේශක කණ්ඩායම ඉරාකය වෙත ළඟාවූ බව පෙන්ටගනය පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර අවධාරණය කර තිබුණේ ඇමෙරිකානු හමුදාවේ විශේෂ මෙහෙයුම්වලට සම්බන්ධ යුද උපදේශකයෙන් 300ක් ඉරාකය වෙත එවන බවය.
මෙම කණ්ඩායමේ සෙසු පිරිස නුදුරේදීම ඉරාකය වෙත පැමිණීමට නියමිත බව කියැවෙයි.
මේ අතර, ඇමෙරිකානු රාජ්ය ලේකම්වරයා කලාපීය වශයෙන් සහයෝගීතාවක් ඇති කරගනිමින් සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙව නැගී සිටිය යුතු බව අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, අද සිට ඇමෙරිකානු හමුදාවේ විශේෂ මෙහෙයුම්වලට සම්බන්ධ යුද උපදේශකයන් 40 දෙනෙකු ඉරාක හමුදාවන් සමග කටයුතු කරනු ඇති බව පෙන්ටගනය පවසයි.