දකුණුදිග ඇෆ්ගනිස්ථානයේ, හෙල්මැන්ඩ් පළාතේදී ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එන්.පී.ආර්. ගුවන්විදුලියේ මාධ්‍යවේදියෙකු වන ඩේවිඩ් ගිල්කී නමැති මෙම මාධ්‍යවේදියා, ඇෆ්ගනිස්තාන හමුදාව සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් එම රථයේ රියදුරු මෙන්ම, ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, ඔහු සමග ගමන් කළ එම ගුවන්විදුලි සේවයේ තවත් දෙදෙනෙකු මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.