න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඇමෙරිකානු සුපර්සොනික් බෝම්බ ප්‍රහාරක යානා දෙකක් දකුණු කොරියාවට ඉහළින් පියාසර කර තිබේ.
උතුරු කොරියාව විසින් මෑතකදී සිදුකළ එරට ප්රබලතම න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර ලෙසත්, දකුණු කොරියාව වෙත තම හිතවත්කම පෙන්වීම සඳහාත් ඇමෙරිකාව මෙම යානා පියාසර කර ඇති බව කියැවෙයි.
B-1B Lancer වර්ගයේ මෙම බෝම්බ ප්‍රහාරක යානා දකුණු කොරියාවේ ඔසාන් ගුවන් හමුදා කඳවුරට ඉහළ අහසේ පියාසර කර ඇති අතර, එම කඳවුර උතුරු හා දකුණු කොරියානු දේශසීමාවට කිලෝමීටර් 120ක් තරම් ආසන්නයෙන් පිහිටි කඳවුරක් බවද කියැවෙයි.
කොරියානු අර්ධද්වීපයේ මේ ආකාරයෙන් උණුසුම් තත්ත්වයන් හටගත් විට ඇමෙරිකානු ප්‍රහාරක යානා සිය බලය පෙන්වීම සාමාන්‍ය සිදුවීමක් බව යුද විශ්ලේෂකයෝ පවසති.