ඇමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවෙත්ම, තරග බිමේ සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එකිනෙකාට චෝදනා කරගන්නා තත්ත්වයක් ඇති වී තිබේ.
මෙවර ජනපති සටනේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසා තිබුණේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයේ ඉදිරියෙන් සිටින ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරුදායක හා ව්‍යාකූල චරිතයක් බවය.
කැලිෆෝනියාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි පිරිස් සමග ඔහුගේ ආධාරකරුවන් ඇති කරගත් ගැටුමක් සම්බන්ධයන් අදහස් දක්වමින් හිලරි මෙම අදහස් පළ කර තිබුණි.
එහිදී, ඔහුගේ මැතිවරණය ව්‍යාපාරිය ඓතිහාසික අත්වැරැද්දක් බවද හිලරි පවසා තිබුණි.
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහාය දක්වන පිරිස් වෙත විරෝධතාකරුවන් බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එම ගැටුම ඇති වී තිබුණි.
මේ අතර, ජනාධිපති මැතිවරණ සටනේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය විරුද්ධ පක්ෂ අපේක්ෂකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් මෙන්ම, ඔහුට එරෙහිව නැගී සිටින බොහෝ මාධ්‍යවලින්ද බේරී අතිශය අසීරු ගමනක් යෑමට සිදුව තිබේ.
කෙසේ වෙතත්, මේ දක්වා ඒ සියලු බාධක මැද ට්‍රම්ප් සිය ඡන්ද බලය තහවුරු කරගෙන සිටින බවද විචාරකයෝ පෙන්වා දෙති.