ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් දින තුනක චීන සංචාරය අරඹා ඇති බව බී.බී.සී.ය පවසයි.
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු පුළුල් කරගැනීමේ අරමුණි ඇය මෙම සංචාරයේ නිරත වන අතර, මෙහිදී ජර්මනියේ ව්‍යාපාරිකයන් විශාල පිරිසකගෙන් සැදි කණ්ඩායමක්ද ඇය සමග මීට සම්බන්ධව සිටින බව කියැවෙයි.
දැනටමත් ජර්මානු කර්මාන්ත ශාලා 150ක් පමණ ක්‍රියාත්මක වන සීචුආන් ප්‍රාන්තයේ චෙන්ග්ඩු නගරය වෙත මුලින්ම ඇය සංචාරය කරයි.
එමෙන්ම, මෙම සංචාරය අතරතුර චීන නායක ලී කෙඛින්ග් හා ජනපිත ෂි ජින්පින්ග් සමගද ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
චීන වෙළෙඳ පොළ ජර්මනියට අතිශය වැදගත් අතරම, චීනයද ජර්මානු කාර්මික නිෂ්පාදන හා මෝටර් රථ ඔවුන්ගේ වර්ධනීය මැද පන්තිය වෙනුවෙන් බලාපොරොත්තු වෙයි.