සාමාන්‍යයෙන් ජීවිතයේ වැදගත්ම දිනයක් ලෙස සැලකෙන විවාහ මංගල්‍යය පැවැත්වෙන දිනයේදී ජීවිතය අනතුරේ හෙළා ගන්නා අත්දැකීමක් ලැබීමට කිසිවෙකුත් කැමති නොවනු ඇත.
නමුත්, චීන ජාතික යුවළක් තම විවාහ දිනය දා වීදුරු පාලමක් මත කඹ යොදා එල්ලූ වේදිකාවක සිට ඡායාරූප සැසියකට මුහුණ දුන් බව පැවසුවොත් ඔබ පුදුම වනු ඇත.
චීනයේ හුනාන් ප්‍රාන්තයේ, පින්ග්ජියෑන්ග් හි ෂිනුසායි වීදුරු පාලමේ සිට ඇති ප්රපාතය මීටර් 180ක් හෙවත් අඩි 600කට ආසන්නය. මෙම පාලම මතින් කඹ යොදා එල්ලා තැබුණු වේදිකාවක සිට විවාහ ඡායාරූප සැසියට ඔවුන් සිනහ මුසුව මුහුණදුන්නත් එය ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු විය.
චීනය තුළ මෙවැනි වීදුරු පාලම් පසුගිය කාලය පුරා අතිශයින් ජනප්‍රිය වෙමින් පවතින අතර, විශේෂ ඡායාරූප සැසි සඳහාද මෙවැනි පාලම් යොදාගන්නා ආකාරය දැකිය හැකිය.