දෙමවුපියන්ගේ මතයට පිටුපා විවාහයක් සිදුකර ගත්තේ යැයි පවසා මව විසින් ගිනි තබා මරා දමන ලද පාකිස්තාන තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලාහෝර් නුවරදී සිදුකර තිබේ.
මව හා සහෝදරයා විසින් මෙම තරුණියට ගිනි තැබීමට පෙර ඇයට දරුණු ලෙස පහර දී ඇති බවත්, ඇගේ නාසයෙන් හා කටින් රුධිරය වහනය වීමක් සිදුව ඇති බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, ඔවුන් ඇයට ගිනි තබන අවස්ථාවේදී ඇයගේ ප්රාණය නිරුද්ධ වී නොතිබූ බවද එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
සීනාත් රෆීක් නමැති මෙම තරුණියගේ අවසන් කටයුතු ඇගේ ස්වාමියා හා ඔහුගේ පවුලේ අය විසින් සිදුකර තිබේ.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් ඇගේ මව මේ වනවිටත් අත්අඩංගුවට පත්ව ඇති අතර, මෙය මසක් ඇතුළත පාකිස්තානයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ තෙවැනි අවස්ථාව බවද කියැවෙයි.
ආදරය හා විවාහය සම්බන්ධ කාරණාවලදී පාකිස්තාන තරුණියන්ට බොහෝ අවස්ථාවල තාඩනපීඩනවලට ගොදුරු වීමට සිදුවෙයි.