හින්දු ජාතිකවාදී සංවිධාන විසින් එරට ජීවත් වන සුළුතර ජනකොටස් විවිධ වරප්‍රසාද හා වරදාන හරහා හින්දු දහමට නම්මවා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බවට ඉන්දීය විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරයෙකු එරට පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතුකර තිබේ.
බලහත්කාරයෙන් කරනු ලබන ආගම් වෙනස් කිරීම් සම්බන්ධයෙන් පැවති විවාදයක් අතරතුර ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාව මෙසේ උණුසුම් වී තිබේ.
බලහත්කාරයෙන් කරනු ලබන ආගම් වෙනස් කිරීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉන්දීය විපක්ෂය, අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටීමත් සමග පාර්ලිමේන්තුව තුළ මෙම උණුසුම් තත්ත්වය ඇති වී ඇති අතර, අවසානයේ එය ඝෝෂාවක් දක්වා වර්ධනය වීමෙන් පසු විවාදය කල් දමා තිබේ.
කෙසේ වෙතත්, පසුගිය කාලය පුරාවටම හින්දු දැඩිමතධාරී කණ්ඩායම් විසින් මෙවැනි ආගමික උත්සව සංවිධානය කරමින් බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමේ ක්‍රියාකාරකම් සිදුකර ඇති අතර, මෙම සංවිධාන එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඒවා බවද කියැවෙයි.