අැමෙරිකවේ විස්කොන්සින් ප්රාන්තයේ සිදුවූ වෙඩි තැබිමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. බැංකුවක, නිවාස ඒකක කිහිපයක හා නීති ආයතනයක සිදු වූ වෙඩි ප්රහාර කිහිපයකින් මෙම පුද්ගලයන් මිය ගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයන් 100ක් පමණ එක්ව පරීක්ෂණ පවත්වයි. අත්අඩගුවට පත් සැකකරු පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා කිරීම පොලීසිය ප්රතික්ෂේප කර තිබේ. ශ්රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 11.45ට පමණ මෙම ප්රහාරය එල්ල වී තිබේ.