බ්‍රිතාන්‍යයේදී වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින නයිජීරියානු ජනපති මුහම්මදු බුහාරි සිය ප්රතිකාරවලින් පසුව යළි නයිජීරියාව බලා යෑමට වෛද්‍යවරුන්ගේ අවසරය ලැබෙනතුරු බලා සිටින බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය මාර්තු මාසයේදී ජනාධිපතිවරයා හදිසි ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍ය වෙත පැමිණි අතර, ඔහුගේ රෝගාබාධය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍යයෙන් වසන් කර තිබුණි.
එමෙන්ම, වසර ආරම්භයේ සිටම ඔහු වරින් වර අසනීප වූ අතර, සමස්තයක් ලෙස 2017 වසර පුරාම ජනාධිපතිවරයාට නයිජීරියාවේ පාලනය වෙත සෘජු මැදිහත්වීමකට අවස්ථාවක් නොවීය.
කෙසේ වෙතත්, දීර්ඝ කාලයක් ජනාධිපතිවරයා රටින් බැහැරව සිටීමත් සමග, හෙතෙම තවදුරටත් නයිජීරියාවේ සුක්ඛානව රැගෙන යාමට තරම් ශක්තිමත්ද යන්න පිළිබඳව එරට ජනතාව තුළින්ම ප්‍රශ්න කෙරිණි.
කෙසේ වෙතත්, මේ කසුකුසු සමග ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ සිට මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.
මම හිතන්නෙ දැන් ගෙදර යෑමට තරම් මා සුවයි. නමුත්, වෛද්‍යවරුන් තමයි, අවසන් තීරකයන් වන්නේ. මම දැන් ඔවුන්ගේ අණට කීකරුව සිටීමට පුරුදුව සිටිනවා.
එමෙන්ම, තම සෞඛ්‍ය තත්ත්වයේ මේ වනවිට සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබෙන බවද නයිජීරියානු නායකයා පවසා තිබේ.
මේ අතර, නයිජීරියාවේ අබූජා අගනුවර පැවති විරුද්ධ පක්ෂ විරෝධතාවලින් කියවුණේ ජනාධිපතිවරයා මේ සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. එමෙන්ම, තවත් අය පවසා සිටියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රටට සත්‍ය හෙළි කළ යුතු බවයි.