එදාමෙදා තුර ලොව වැඩිම කාලයක් ජීවත්වූ මිනිසා ලෙස සැලකෙන අවුරුදු 146ක් ආයු වැළඳූ ඉන්දුනිසියානු ජාතිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මධ්‍යම ජාවා හි ජීවත්වන සොඩිමෙඩ්ජෝ හෙවත්, ම්බාහා ඝෝටෝ (ගෝටෝ සීයා) යනුවෙන් හැඳින්වුණු ඔහුගේ උපන්දිනය ඔහුගේ අනාවරණයන්ට අනුව 1870 ලෙස සැලකිණි.
කෙසේ වෙතත්, ඉන්දුනීසියාව නිල වශයෙන් ජනතාවගේ උපත් වාර්තා කිරීම ආරම්භ කර තිබුණේ වර්ෂ 1900 සිට බැවින් ඔහුගේ නියම වයස පිළිබඳ පිළිබඳව උප්පැන්නයක් නොතිබුණි.
නමුත්, මෙම පුද්ගලයා ඔහුගේ උපත තහවුරු කිරීම සඳහා විවිධ ලිපිගොනු ඉදිරිපත් කර තිබූ අතර, ඒවා පහසුවෙන් ඉවත දැමිය නොහැකි බවද කියැවුණි.
හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් පසුගිය අප්‍රේල් 12 වැනිදා රෝහල්ගත කෙරුණු ඔහු ඉන් දින හයකට පසුව සුව වී නිවසට පැමිණ ඇති බවද කියැවෙයි.
නමුත්, රෝහලේ සිට පැමිණි ඝෝටෝ සීයාගේ තත්ත්වය බරපතල වී ඇත්තේ ඔහු ආහාර ගැනීම සීමා කිරීම නිසාය.