සෝමාලියාවේ ක්‍රියාත්මක අල්-ෂබාබ් ජිහාඩ් අන්තවාදීන් එරට මොගඩිෂු අගනුවර සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් හමුදා සොල්දාදුවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (21දා) උදෑසන එරට ජාතික බුද්ධි අංශයේ පුහුණු මධ්‍යස්ථානය වෙත මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහිදී වෙඩි තැබීමක්ද සිදුව තිබේ.
කෙසේ වෙතත්, එහි ආරක්ෂාවට සිටි හමුදා සොල්දාදුවා ප්‍රහාරය ව්‍යර්ථ කිරීම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකිවී තිබේ.
රාමදාන් මාසයේ මෙවැනි ප්‍රහාර රැසක් එල්ල කරන බව සටන්කාමීන් මීට පෙර අවධාරණය කර තිබුණි.