කෙන්යානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සෝමාලියාවේ අල්-ෂබාබ් ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කර ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
සෝමාලියාවේ, ගේඩෝ කලාපය අල්-ෂබාබ් කඳවුරු දෙකක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය දියත් වී ඇති අතර, ඔවුන් කෙන්යාව වෙත පැමිණීමට මෙම කඳවුරු භාවිත කරන බව පැවසෙයි.
ගරිස්සා විශ්වවිද්‍යාල ප්‍රහාරයෙන් පුද්ගලයන් 148 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු කෙන්යාව අල්-ෂබාබ් සටන්කාමීන්ට එරෙහිව දියත් කළ ප්‍රථම ප්‍රහාරය ලෙසද මෙය සැලකෙයි.
එම ම්ලේච්ඡ ප්‍රහාරයට හැකි උපරිම අයුරින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අවධාරණය කර තිබුණි.