අල්-ජසීරා මාධ්‍යවේදීන්ට නිකුත් කර ඇති මාධ්‍ය බලපත්‍ර අහෝසි කරමින්, එම මාධ්‍ය ජාලයේ ජෙරුසෙලම් කාර්යාලය වසාදැමීම සඳහා සූදානම් වන බව ඊශ්‍රායල් මාධ්‍ය අමාත්‍යවරයා නිවේදනය කරයි.
ඊශ්‍රායල් මාධ්‍ය අමාත්‍ය අයෝබ් කාරා ජෙරුසෙලමේ පැවති මාධ්‍ය හමුවකදී මෙය නිවේදනය කළ අතර, එම මාධ්‍ය හමුවට සහභාගීවීමද අල් ජසීරා මාධ්‍ය ආයතනයට තහනම් කර තිබුණි.
අල්-ජසීරා මාධ්‍ය ජාලයේ කාර්යාලය වසා දැමීමට හා තහනම් කිරීමට සුන්නි අරාබි රාජ්‍යයන් එකතුවක් පසුගියදා ගනු ලැබූ තීරණය පදනම්ව ඊශ්‍රායලය තම තීරණය ගත් බවද අමාත්‍යවරයා පවසා තිබුණි.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් පසුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඇතිවී තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් දෝහා අල්-ජසීරා කාර්යාලය නිකුත් කර තිබුණි.
