ඉන්දියාවේ උතුරුදිග නගරයක් වූ අයෝද්‍යා නගරයේ ආගමික ස්ථානයක් සම්බන්ධයෙන් හින්දූන් හා මුස්ලිම්වරු අතර පවතින අරගලය සාමයෙන් විසඳා ගන්නා ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබාදී තිබේ.
වසර ගණනාවක් පුරා ඇදී යන මෙම නඩුවට පාදක වී ඇති ආගමික ස්ථානය 16 වැනි සියවසේ ඉදිවූවකි.
වර්ෂ 1992 දී මේ සම්බන්ධයෙන් ඇති වූ උද්ඝෝෂණ දරුණු ස්වභාවයක් ගනිමින් පුද්ගලයන් 2,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබූ බවද කියැවෙයි.
මේ ආශ්‍රිතව හින්දු කෝවිලක් ස්ථාපිත කිරීම හින්දූන්ගේ අභිප්‍රාය වී ඇති අතර, මුස්ලිම්වරු පවසන්නේ තමන්ට මුස්ලිම් දේවස්ථානයක් ඉදිකළ යුතු බවයි.
හින්දූන්ට අනුව මෙය රාමා දෙවිඳුන්ගේ උපන් ස්ථානය වන අතර, 16 වැනි ශතවර්ෂයේ ඇති වූ මුස්ලිම් ආකරණය හේතුවෙන් මෙම හින්දු ආගමික ස්ථානය මුස්ලිම්වරුන් අත්පත් කරගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙය අතිශය සංවේදී කාරණයක් නිසා දෙපාර්ශ්වයම සාමකාමීව මේ ප්රශ්නය විසඳාගත යුතු බව අධිකරණය පවසයි.