ෆෝඩ් ඇමෙරිකානු සමාගමේ ප්‍රධානියා නුසුදුසු හැසිරීමක් පෙනුන්ම් කර ඇති බව පවසමින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට ෆෝඩ් සමාගම කටයුතු කර තිබේ.
රාජ් නෙයාර් නැමති ඉන්දීය සම්භවයක් ඇති ෆෝඩ් ඇමෙරිකානු සමාගමේ ප්‍රධානියා සම්බන්ධයෙන් සිදුකෙරුණු අභ්‍යන්තර පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සමාගම පවසයි.
කෙසේ වෙතත්, ෆෝඩ් සමාගම සිය ඇමෙරිකානු ප්‍රධානියා සිදුකර ඇති නුසුදුසු හැසිරීම ප්‍රසිද්ධියට පත් නොකිරීමට වගබලාගෙන ඇත.
මේ අතර, සිද්ධියට මුහුණදී ඇති රාජ් නෙයාර් පවසා ඇත්තේ සමාගම විසින් සිදුකර ඇති චෝදනාවට තමන් බලවත් කණස්සල්ලට පත්ව සිටින බවයි.
කෙසේ වෙතත්, සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජිම් හැකට් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉතා සියුම් පරීක්ෂාවකින් සහ වඩාත් සැලකිලිමත් අධ්‍යයනයකින් පසුව සමාගම විසින් මෙම තීරණය ගත් බවයි.
ෆෝඩ් සමාගම සැමට වඩාත් ආරක්ෂිත සේවා වටපිටාවක් වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වා දෙන සභාපතිවරයා, සමාගමේ ප්‍රධානීන් මේ අගයන් රැකගනිමින් කටයුතු කරනු ඇතැයි යන්න තමා බලාපොරාත්තු වන බවත් හෙතෙම අවධාරණය කර සිටියි.