ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජපානයේ හිරෝෂිමා නගරය වෙත ඓතිහාසික සංචාරයක නිරත විය.
ඇමෙරිකානු පරමාණු බෝම්බය හමුවේ සුනුවිසුණු වූ හිරෝෂිමා නගරය වෙත ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම න්‍යෂ්ටික අවිආයුධ ලෝකයෙන් තුරන් කිරීමේ වැදගත්කම යළි ලෝකය හමුවේ ඉස්මතු කළ අවස්ථාවක් විය.
එහිදී, ජෝන් කෙරී නගරයේ පරමාණු බෝම්බය හෙලූ ස්ථානය සිහි කැඳවන ස්මාරකය හමුවේ මල් කලඹක් තබා සිය ආචාරය පුදකළ අතර, මෙම ස්මාරකය වෙත එදාමෙදා තුර පැමිණි ප්‍රථම ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙසද ඔහු ඉතිහාසයට එක්විය.
වර්ෂ 1945 දී ඇමෙරිකානුවන් විසින් ජපානයේ හිරෝෂීමා නගරයට එල්ල කරන ලද පරමාණු බෝම්බයෙන් මියගිය පිරිස 140,000ක් වන අතර, ඉන් බහුතරය සිවිල් වැසියෝ වූහ.