ෆේස්බුක් සමාජජාලය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට ඇතිවූ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද මෙම වසර් පළමු වැනි කාර්තුවේදී සමාගමේ විකුණුම් 50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
එම සමාගම පවසන්නේ වසරේ පළමු වැනි මාස තුන තුළ ඇ.ඩො.බිලියන 11.9ක විකුණුම් ආදායමක් වාර්තා වන බවයි. එය පසුගිය වසරේ වාර්තා වූ ඇ.ඩො.බිලියන 8 සමග සැසඳීමට ලක්කරමින් මෙම වර්ධනය පෙන්වා දෙයි.
සමාගම මුහුණදුන් වඩාත් වැදගත් අභියෝග හමුවේ වුවද, 2018 වසරේදී ව්‍යාපාරය වඩාත් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසයි.
කෙසේ වෙතත්, ඉදිරියේදීද ෆේස්බුක් හි වගවීම සම්බන්ධයෙන් ඉදිරියේදී වඩාත් පුළුල් වැඩපිළිවෙළක් දියත් කරන බවයි.
එමෙන්ම, ෆේස්බුක් සමාගමේ වෙළෙඳ දැන්වීම් ආදායමද පළමු මාස තුන තුළ ඇ.ඩො.බිලියන 11.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේදී වාර්තා වූ ඇ.ඩො.බිලියන 7.8 සමග සැසඳීමේදී විශාල වර්ධනයකි.
එමෙන්ම, පළමු කාර්තුවේ සමාගමේ ලාභයද ඇ.ඩො.බිලියන 4.9ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පෙර වසරේදී වාර්තා කර තිබුණේ ඇ.ඩො.බිලියන 3ක් ලෙසිනි.