ජපානයේ පාලක පක්ෂ සන්ධානය තුනෙන් දෙකක බලයක් සහිතව පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගෙන තිබේ.
එමෙන්ම, මෙම මැතිවරණය එරට අගමැති ෂින්සෝ අබේගේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් මැන බැලෙන ජනමත විචාරණයක ස්වරූපයද ඉසිලුවේය.
ජපාන මාධ්‍ය පෙන්වා දෙන්නේ අබේගේ මධ්‍යස්ථ ප්‍රජාතාන්ත්‍රික පක්ෂය සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගත් බවයි.
එමෙන්ම බෞද්ධයන්ගේ ආශිර්වාදය ලබන කොමෙයිටෝ පක්ෂයේ සහායද අබේ පක්ෂය වෙත හිමිවූ අතර, මෙවර මැතිවරණයේදී ආසන 475කින් ආසන 325ක බලය මෙකී සන්ධානය විසින් දිනාගෙන තිබේ.