පිලිපීනයට ආසන්නයේදී පැහැරගනු ලැබූ වියට්නාම නාවිකයන් දෙදෙනෙකු අබු සයේෆ් ඉස්ලාමීය ත්රස්තයන් විසින් ගෙල සිඳ ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය වසරේදී වියට්නාම ජාතිකයන් 6 දෙනෙකු අබු සයේෆ් ත්රස්තයන් විසින් පැහැරගනු ලැබූ අතර, මෙසේ මරාදමා ඇත්තේ ඉන් දෙදෙනෙකු බව කියැවෙයි. ඔවුන්ගේ මළ සිරුරු බාසිලන් දූපත් ආශ්රිතව තිබියදී හමුවී තිබේ.
පිලිපීනයේ දකුණුදිග කොටසේ මේ වනවිට දරුණු ඉස්ලාම් මූලධර්මවාදී ආක්රමණයක් සිදුවන අතර, එරට මරාවි නගරය ඇවිලී ඇති දරුණු සටන් හේතුවෙන් මියගිය පිරිස 400 ඉක්මවා තිබේ.
පිලිපීන හමුදා පවසන්නේ ඔවුන්ට එම ප්රදේශයේ ජනතාව දුන් දැනුම්දීමකට අනුව හිස නොමැති පුද්ගල මළ සිරුරු ද්විත්වය හමුවී ඇත.
ආරක්ෂක අංශ විශ්වාස කරන ආකාරයට පැහැරගනු ලැබූ වියට්නාම ජාතිකයන් 6 දෙනාගෙන් තිදෙනෙකු තවමත් ත්රස්ත ග්රහණයේ සිටින අතර, ඉන් එක් අයෙකු පසුගිය මාසයේදී නිදහස් කර තිබුණි.
