අනුකම්පාව හා දයාව ජයග්‍රහණය කරමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන ගොන් පොර තහනම් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ ගොන් පොර සත්ව හිංසනයක් බවය.
දකුණු ඉන්දියාව තුළ දැඩි පාලනයකට යටත්ව මෙම ක්‍රීඩාව පැවැත්වුවත්, ගොන් පොර වෙනුවෙන් යොදා ගන්නා ගොනුන්ට මත්පැන් පොවන බවටත්, එම සතුන්ගේ ඇස්වල මිරිස් අතුරන බවටත් ඇතැම් හරක් හිමියන් වෙත බොහෝ කාලයක සිට චෝදනා එල්ල වෙමින් පැවතියේය.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී රාජ් පන්ජ්වනි කියා සිටියේ මෙම තීන්දුව අනුකම්පාවා සහ දයාව ලැබූ ජයග්‍රහණයක් බවය.
"ඉන්දියාවේ ව්‍යවස්ථාව සලකා බැලුවොත්, දයාවෙන්, කරුණාවෙන් කටයුතු කරන්න රටේ හැම පුරවැසියෙක්ම බැඳී සිටිනවා. ඒ වගේම කිසිම සත්වයෙකුට අනවශ්‍ය වේදනාවක් හෝ හිංසාවක් නොකිරීමට, සත්ව හිංසනයට එරෙහි පනත මගින් සැම සත්ව හිමියෙකුම බැඳී සිටිනවා" යැයි නීතීවේදියා පවසා සිටියේය.
කෙසේ වෙතත් මෙම තහනමට එරෙහිව හඬ නගන හරක් හිමියන් කියන්නේ, ගොන් පොර යනු තමිල්නාඩු සංස්කෘතියේ සාම්ප්‍රදායික අංගයක් බවය. එමෙන්ම, ක්‍රීඩාව සඳහා යොදා ගන්නා ගොනුන්ට හොඳින් සලකන බවද ඔවුන් පෙන්වා දෙයි.