ඔස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් අනතුරට පත්වූ ඇමෙරිකානු ගුවන් යානයේ සිටි මැරින් භටයන් තිදෙනා සෙවීමේ හා මුදාගැනීමේ තාවකාලිකව අත්හිටවූ බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
ජපානයේ, ඔකිනාවා ඇමෙරිකානු මැරීන් හමුදා කඳවුරේ සිට ගුවන්ගත වූ MV-22 ඔස්ප්‍රේ යානයක් ඊයේ (05දා) මෙම අනතුරට මුහුණදුන් අතර, එම අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 26 දෙනෙකු එහි ගමන් කරමින් සිටියහ.
කෙසේ වෙතත්, මුදාගැනීමේ හා සෙවීමේ මෙහෙයුම්වලදී එහි ගමන්ගත් පුද්ගලයන් 23 දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකි වුවත්, තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටියි.
MV-22 ඔස්ප්‍රේ යනු ගුවන් යානයක් වුවත්, එය හෙලිකොප්ටරයක ස්වරූපයක්ද උසුලන යානයක් වන අතර, ගුවන් පථයක් නොමැතිව සෘජු ගොඩබෑමක් සිදුකිරීමට මෙම යානයට හැකි වෙයි.
මෙම යානය යූ.එස්.එස්. රොනල්ඩ් රේගන් ගුවන් යානා හාරක නෞකාව වෙත ගොඩබෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව ඔස්ට්‍රේලියානු ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත සඳහන් කරයි.
ඇමෙරිකානු හා ඔස්ට්‍රේලියානු හමුදා ඒකාබද්ධව ටාලිස්මන් සබ්රේ යුද අභ්‍යාසයක් දෙරටේම 30,000ක පමණ හමුදාවක් යොදාගනිමින් මේ දිනවල සිදුවෙමින් පවතින වටපිටාවක මෙම අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණදී තිබේ.
ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ දැනට සිදුවන සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වුවත්, එම ප්‍රදේශය පිළිබඳ පුළුල් නිරීක්ෂණයක් තවදුරටත් සිදුවන බැවින්, එම මැරීන් භටයන් සෙවීමේ දීර්ඝ කාලීන මෙහෙයුමක් ඇරඹෙනු ඇති බවයි.