යමක් ඉගෙනීමට වයස බාධාවක් නොකරගත් අපූර්ව කාන්තාවක පිළිබඳව තායිලන්තයෙන් වාර්තා වන්නේ, ඇය සිය 91 වැනි වියෙහිදී උපාධියක් සම්පූර්ණ කළ නිසාය.
කිම්ලං ජිනගුන් නැමති මෙම කාන්තාව සිය ජයග්‍රහනය වෙනුවෙන් වසර 10ක කාලයක් ගතකර තිබුණත්, තම අප්‍රතිහත ධෛර්යය එය ජයගැනීම සඳහා බෙහෙවින් උපකාරී වූ බව පවසයි.
තරුණ වයසේදීම උපාධියක් සම්පූර්ණ කරගැනීමේ සිහිනයෙන් පසුවූ ඇයට විවිධ බාධක ඊට හරස් විය. නමුත්, අවසානයේ තම දරුවන්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමරා කර තිබියදී, සැඳෑ සමය ගත කරන කිම්ලං සිය සිහිනය මල්ඵල ගැන්වීමට සමත් වී තිබේ.
දරුවන් පස් දෙනෙකුගේ මවක වූ ඇය සිය දරුවන්ටද විශ්වවිද්‍යාල වරම් ලබාදීම සඳහා ඔවුන් උනන්දු කර ඇති අතර, දරුවන්ගෙන් සිව්දෙනෙකු ශාස්ත්‍රපති උපාධිධාරීන් වන අතර, ඉන් එක් අයෙකු ආචාර්ය උපාධිය වෙනුවෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගොසිනි.
දරුවන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය සමග යළි අධ්‍යාපනයට පෙම් බඳින ඇය, 72 වැනි වියෙහිදී විවෘත විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබාගනිමින් අධ්‍යාපනය හැදෑරීමට මුල පිරුවත් තම දියණියගේ වියෝව නිසා එය ඇණ හිටියි. නමුත්, වයස අවුරුදු 85දී යළිත් සිය ඉලක්කය වෙත පියඹන ඇය මානව පරිසර විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීම අරඹයි.
මෙම වසර ගණනක අධ්‍යාපන ක්‍රියාවලිය තුළදී පවා ඇගේ දෛනික ජීවන රටාව වී තිබුණේ, උදෑසනින්ම අවදිවී බෞද්ධ භික්ෂුන් වහන්සේට දන් පිළිගන්වා අසල ඇති විහාරයට ගොස් ඉන් අනතුරුව අධ්‍යයන කටයුතු සඳහා යොමු වීමය.
පුද්ගලයෙකු තුළ පවතින සාර්ථකත්වයේ රහස, අධිෂ්ඨානය මෙන්ම තමන් තුළ වූ අභිලාශය යැයි ඇය පවසන්නේ ඉමහත් සතුටිනි.