දේව අපහාසයක් සිදුකළේ යැයි චෝදනාවට ලක්වූ පාකිස්තාන අධිකරණ අමාත්‍ය සහීඩ් හමීඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එරට ඉස්ලාමිය අන්තවාදීන් පොලීසිය සමග ඇතිකරගත් ගැටුම් අවසන් කර තිබේ.
ඉස්ලාමාබාද් අගනුවර සහ එරට තවත් නගර කිහිපයකම රැඳී සිටි ඉස්ලාමීය අන්තවාදීන් නගරයන්ගෙන් ඉවත්ව යමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මීට සති කිහිපයක සිට අගනුවර අධිවේගී මාර්ග පිවිසුමක් අවහිර කරමින් එම අන්තවාදීන් අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව කියා සිටියේය.
මේ අතර, ඉල්ලා අස්වී අධිකරණ අමාත්‍ය හමීඩ් තමන් අතින් වරදක් සිදුවූ බවත්, තමන් ඒ පිළිබඳව සමාව ඉල්ලන බවත් පවසා ඇත.
පොලීසිය හා හමුදාව සමග ඇති කරගත් ගැටුම්වලින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තවත්, 200ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.