ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ සර්මාට් හිම ක්‍රීඩා සංචාරක ප්‍රදේශයේ පවතින අධික හිම පතනය හේතුවෙන් දින දෙකකට වඩා වැඩි කාලයක් එම ප්‍රදේශයේ කොටුවී සිටින සංචාරකයන් රැගෙන ඒම සඳහා විශේෂ දුම්රියක් පිටත්කර යවා තිබේ.
ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශයේ සිට මෙම දුම්රිය පැමිණෙන බවත්, 13,000කට අධික සංචාරකයන් පිරිසක් මෙම හිම පතනයට කොටුවී සිටින බවත් ප්‍රංශ බලධාරීහු පවසති.
දුම්රිය බලධාරීන් පවසා සිටියේ දුම්රිය මාර්ගයේ හිම ඉවත් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසුව එම විශේෂ දුම්රිය සංචාරකයන් රැගෙන ඒම සඳහා පිටත්කර යැවූ බවයි.
සාමාන්‍යයෙන් ඇල්ප්ස් කඳුකරයට නොවැටෙන ආකාරයේ අසාමාන්‍ය හිම පතනයක් මෙම කාලයේදී බලපා ඇති අතර, මෙම ක්ෂණික ක්‍රියාවලිය හේතුවෙන් තුවාල ලැබූවන් පිළිබඳවද වාර්තා වෙයි.
ඇතැම් ස්ථාන වල මීටර් 7කට වඩා වැඩි හිම ප්‍රමාණයක් ඉවත් කරමින් දුම්රියට පැමිණීම සඳහා මාර්ගය සකස් කිරීමට කම්කරුවන්ට සිදුව ඇති බව කියැවෙයි.