වයඹදිග පාකිස්තානයේ බචාඛාන් විශ්වවිද්‍යාලය වෙත පසුගිය 20 වැනිදා එල්ල වූ තලේබාන් ප්‍රහාරයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍යයන් ඇතුළු 21 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස 50කට අධික බව පාකිස්තාන බලධාරීහු පවසති.
මෙම ප්‍රහාරය ආයුධ සන්නද්ධ තලේබාන් සටන්කරුවන් 8 දෙනෙකු පමණ සහභාගී වී දියත් කර ඇති අතර, ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී විශ්වවිද්‍යාලය තුළ ආසන්න වශයෙන් 3,000ක පමණ පිරිසක් රැඳී සිටි බව කියයි.
මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබූ සංස්කෘතික උලෙළක් හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු හා ශිෂ්‍යයන්ට අමතරව ආරාධිත පිරිසක්ද මෙහි සිටි බව කියැවෙයි.
ප්‍රහාරයට පැමිණි සටන්කරුවන් සිවු දෙනෙකුද ප්‍රහාරයෙන් මියගොස් සිටි අතර, එක් තාලේබාන් නායකයෙකු මෙහි වගකීම බාරගෙන තිබුණත්, එම සංවිධානයේ නිල ප්‍රකාශකයා එය ප්‍රතික්ෂේප කර තිබුණි.