පුද්ගලයන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී 2014 මාර්තු මාසයේදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ යැයි විශ්වාස කෙරෙන සුන්බුන් කොටස් තුනක් හමුවී තිබේ.
එහිදී, සුන්බුන් කොටස් දෙකක් මුරුසිය ආසන්නයේදීද, තවත් කොටසක් මොසැම්බික් හිදීද හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු ප්‍රවාහන අමාත්‍ය ඩැරන් චෙස්ටර් පවසයි.
මෙම කොටස් ඔස්ට්‍රේලියාව වෙත ගෙනැවිත් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද හෙතෙම පවයි.
මීට පෙර හමුවූ සුන්බුන් කොටස් පහක් පරීක්ෂා කිරීමේදී ද එම කොටස් අතුරුදන් වූ බෝයිං 777 වර්ගයේ මැලේසියානු ගුවන් යානයේ කොටස් බව තහවුරු විය. මෙම යානය දකුණු ඉන්දීය සාගරය වෙත කඩා වැටී ඇති බවට වූ විශ්වාසයන්ද ඒ අනුව තහවුරු විය.
කෙසේ වෙතත්, මෙතෙක් හමුවූ සියලු සුන්බුන් කොටස් යානය කඩා වැටුණු බවට විශ්වාස කෙරෙන ප්‍රදේශයෙන් සැතපුම් දහස් ගණනක් දුරදී හමුවූ අතර, ඒවා දියවැල්වලට හසුවී ගසාගෙන පැමිණි බවද විශ්වාස කෙරෙයි.