දින 06ක කාලයක් ඝන වනාන්තරයක අතරමංව සිටි යමාටෝ ටනූකා නමැති ජපාන ජාතික දරුවා ප්‍රතිකාර ගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම දරුවාගේ පියා වන ටකයූකි ටනූකා සහ ඔහුගේ බිරිඳ විසින් දරුවාට ලබාදුන් දඬුවමක් ලෙස පසුගිය මැයි 28 වැනිදා මෙම දරුවා හික්කයිඩෝ හි වනාන්තර පෙදෙසක තනිකර දමා ගොස් තිබුණි.
කෙසේ වෙතත්, යළි දරුවා සොයා පැමිණි විට දරුවා නොමැති වීමෙන් ඔවුහු මහත් කලබලයකට පත්වූහ.
ඒ අනුව, මෙම දරුවා සොයා දැවැන්ත මෙහෙයුමක් සිදුකෙරුණු අතර, අවසානයේදී පසුගිය සිකුරාදා දිනයේ වනාන්තරයේ වූ හමුදා බැරැක්කයකදී දරුවා හමුවිය.
මේ අතර, ටකයූකි මාධ්‍ය අමතමින් කියා සිටියේ තමා අතින් සිදුවූ මේ වරදට, තම දරුවා තමාට සමාව ලබාදුන් බවයි.
කෙසේ වෙතත්, මෙය ජපානය තුළ දෙමවුපිය භූමිකාව සම්බන්ධයෙන් යළි විවාදයක් ඇති වූ සිදුවීමක්ද විය.