අඟල් 29ක් උස වයස 50 ලාල්ට හැමෝම කැමතිලු
බසෝරි ලාල් දෙස පිටුපසින් දකින අයෙකුට අනුව නම් ඔහු ඉතා කුඩා දරුවෙකි. නමුත්, ඔහු ඉදිරියෙන් දකින අයෙකුට ඔහු තුළ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. අඟල් 29ක් උසින් යුතු මේ ඉන්දීය ජාතිකයාගේ වයස අවුරුදු 50කි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කුඩා ගම්මානයක ජීවත් වන ලාල් මේ වනවිට එම පළාතේ සුපිරි තරුවක් යැයි පැවසීමේ වරදක් නැත.
කුඩා අවදියේදී බොහෝ දෙනාගේ උසුළු විසුළුවලට ලක් වුවත්, අද ලාල්ට ආදරය කරන්නෙකු නොමැති තරම්ය.
ඔහුගේ මුහණේ රැඳි සිනහවට ඒ ගම්මානයේ මිනිසුන් දක්වන්නේ පුදුම ඇල්මකි. ඔවුන් සැම පවසන්නේ ලාල් යනු නිතර මුහුණේ සිනහවක් රැඳුණු හොඳ මිනිසෙකු බවය.
තම සහෝදරයාගේ සහ ඔහුගේ බිරිඳගේ සෙවණේ වැඩෙන ලාල් කුඩා දරුවෙකු සේ බලා ගන්නේ ඔහුගේ නෑනාය.
ඔහු නෑවීම, කැවීම මේ සෑම දෙයකටම ඉදිරිපත් වන නෑනා, කුඩා දරුවෙකු මෙන් තම ස්වාමියාගේ අඟුටුමිටි සහෝදරයා උකුලේ තියාගෙන ඇවිදින ආකාරය ඒ ගම්මානයේ අයට පුදුමයට කරුණක් නොවේ.
55 හැවිරිදි වියේ පසුවන ලාල්ගේ සහෝදරයා පවසන්නේ ලාල් ඔවුන්ට දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් බවය. බොහෝ දුරබැහැර සිට මිනිසුන් ලාල් බැලීමට පැමිණන බව ඔහු කියයි.
"මගේ උස මට ප්‍රශ්නයක් නෙමෙයි. මම වැඩ කරනවා. ජීවත් වෙනවා. නිදියනවා. සාමාන්‍ය අයෙක් වගේ ආහාර ගන්නවා. මොනව වුණත් මම හොඳින්. මගේ උස හින්ද මට කිසිම ප්‍රශ්නයක් නෑ"
නමුත්, ඔහු උසින් ඉතා කුඩා වුවද ඔහුගේ වයසත් සමග මුහුණ වයසට යෑම නිසා අපූර්වත්වයක් ඒ ශරීරය තුළ සංකලනය වී ඇති ආකාරය දැකිය හැකිය.
ශරීරය නිසියාකාරව වර්ධනය නොවීමේ රෝගී තත්ත්වයකින් පසුවී ඇති ලාල්ට එවකට ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිකාරයක් ලබාගැනීමට නොහැකි වුවත්, අද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක්කිරීමටද ස්වෙච්ඡාවෙන්ම වෛද්‍යවරු සහාය වීමද විශේෂත්වයකි.
"මට විවාහයක් කරගන්න උවමනාවක් නැහැ. මට ඕනෑ මම අද කරගෙන ඉන්න විදියටම වැඩ කරගෙන ඉන්න. ඒ වගේම මගේ සහෝදරයා සමග ජීවත් වෙන්න."
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

