ලෝකයට පරිගණකය හඳුන්වාදුන් කාලයේදී cut, copy සහ paste යන විධානයන් ලෝකයට හඳුන්වාදුන් තැනැත්තා වන ලැරී ටෙස්ලර් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වර්ෂ 1960 මුල් අවධියේදී ටෙස්ලර් විසින්, සිලිකන් වැලි හි සිය වෘත්තීය දිවිය ආරම්භ කරන කාලයේදී පරිගණකය සම්බන්ධයෙන් ලෝකයේ දොරගුළු විවර වෙමින් පැවතිණි.
ඔහුගේ මෙම cut, copy සහ paste විධානයන් ලෝකයට හඳුන්වාදීමත් සමග පුද්ගල පරිගණක ආශ්රිත භාවිතය වඩාත් පහසු වූ බව නොරහසකි.
ටෙස්ලර් සිය වෘත්තීය දිවියේ අඩකටත් වඩා වැඩි කාලයක් රැඳී සිටි Xerox සමාගම ඔහු වෙනුවෙන් බලවත් ශෝකය පළ කර තිබේ.
එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර වර්ස 1945 දී උපත ලබා තිබූ ටෙස්ලර්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.