දකුණු ඇමෙරිකානු හා ආසියානු නැගී එන ආර්ථිකයන්ගේ BRICS සමුළුව රුසියාවේ උෆා නගරයේදී ආරම්භ වීමට නියමිත බව බී.බී.සී.ය කියයි.
මෙම සමුළුවට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුව අතරතුරදී රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් හා ජීන ජනපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.
එමෙන්ම, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අගමැතිවරයා සමුළුවෙන් පසුව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සමගද සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටින බවයි.
මෝදි අගමැතිවරයා මධ්‍යම ආසියාව හා රුසියාව කේන්ද්‍ර කරගනිමින් දින පහක සංචාරය ආරම්භ කළේ පසුගිය සඳුදා දිනයේදීය.
එහිදී, කසකස්තානය හා උස්බෙකිස්තානය යන රටවල සංචාරය කළ අගමැතිවරයා, කිර්ගිස්තානයේ හා ටජිකිස්තානයේද සංචාරය කරන බව විදෙස් වාර්තා පවසයි.