ලොව වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් ලෙස සැලකෙන WhatsApp පණිවුඩ හුවමාරු ක්රමයේ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 සීමාව ඉක්මවා ගොස් ඇති බව එහි හිමිකාරීත්වය දරණ ෆේස්බුක් සමාගම දැනුම් දෙයි.
ඒ අනුව ඉදිරියේදී WhatsApp හරහා හුවමාරු වන පණිවුඩ සේවාවෙහි පෞද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද ඔවුන් පවසයි.
මේ වෙනුවෙන් වඩාත් නවීන Encryption ක්‍රමවේදවල අවශ්‍යතාව මතු කරන ඔවුන් එමගින් පණිවුඩවල පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය තවදුරටත් ආරක්ෂා කෙරෙන බව පවසයි.
වර්ෂ 2014 දී ෆේස්බුක් සමාගම WhatsApp පණිවුඩ සේවාව තමන් සතු කරගත් අතර, අද වනවිට එය ෆේස්බුක් පවුල් ඉහළම භාවිතයක් ඇති මෘදුකාංගය බවට පත්ව ඇත.
කෙසේ නමුත්, මෙම පණිවුඩ සේවා මෘදුකාංගය වෙත පිවිසීඹ සඳහා දැනට වඩා වැඩි අවස්ථාවක් අවශ්‍ය බව එක්සත් ජනපදය ඇතුළු රාජ්‍යයන් කිහිපයක්ම පවසා තිබේ.