SpaceX Crew-1 ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නික්මී පෘථිවිය කරා යළි ගමන් අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනෙකු මේ ආකාරයෙන් පැමිණෙන අතර, ඒ අතර නාසා ගගනගාමීන් තිදෙනෙකු සහ ජපානයේ අභ්‍යවකාශ ඒජන්සියෙන් එක් ගගනගාමියෙකු සිය නිවෙස් බලා පැමිණෙමින් සිටින බවත්, ඔවුන්ගේ මාස පහක මෙහෙයුම අවසන්ව ඇති බවත් සඳහන් වෙයි.
1968 දී ඇපලෝ 8 මෙහෙයුමෙන් පසු නාසා ආයතනය රාත්‍රී කාලයේ ස්ප්ලෑෂ් ඩවුන් එකක් හෙවත්, පැරෂුට් මගින් අභ්‍යවකාශ යානයක් ජලය මතට ගොඩබසින පළමු වැනි අවස්ථාව මෙය බවද කියයි.