පුද්ගලයන් 239 දෙනෙකු සමග 2014 මාර්තු 08දා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය කඩා වැටුණු ස්ථානය නිවැරදිව තමා දුටු බව ඉන්දුනීසියානු ධීවරයෙක් මැලේසියාවේදී අනාවරණය කර තිබේ.
රුසිල් කුෂ්මින් නමැති 42 හැවිරිදි මෙම ධීවරයා සිය අදහස තහවුරු කිරීමට එම නිවැරදි ස්ථානය රැගත් GPS උපකරණයද මෙම යානය සොයා පරීක්ෂණ සිදුකරන පිරිස් වෙත භාරදී තිබේ.
ක්වාලලම්පූර් නුවරදී මාධ්‍ය අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඝන කළු දුමාරයක් සමග නූල කැඩුණු සරුංගලයක් බඳු ගුවන් යානයක් වමේ සිට දකුණට පැමිණ එක්වරම සුමාත්‍රා මුහුදට කඩා වැටුණු බවයි.
මෙම අවස්ථාවේදී ඒ ප්‍රදේශය අවට ඉන්ධන දුගඳක් පැතිර ගිය බවත්, ඇති වූ ඝන දුමාරයට හේතුව යානයේ ඇති වූ ගින්නක් බව විශ්වාස කළ හැකි බවත් ඔහු සඳහන් කරයි.
ලෝකයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකරමින් යානයේ සුන්බුන් සොයා ගියත් ඒ පිළිබඳ නිවැරදි හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
එමෙන්ම, යානයේ සුන්බුන් යැයි පැවසෙන කොටස් කිහිපයක් රටවල් කිහිපයක වෙරළ තීරයන්ට ගසාගෙන පැමිණ තිබුණත්, දියවැල් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන පිරිස්වලට පවා යානය පිළිබඳ අභිරහස සොයාගත නොහැකි විය.