පුද්ගලයන් 298 දෙනෙකුට මරු කැඳවමින් 2014 වසරේදී යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයකට ලක්වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය කඩාවැටීම ගැන චෝදනා ලැබූවන්ගේ නඩු විභාගයේ විමර්ශන ඇරඹෙයි.
මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් සිව්දෙනෙකු නෙදර්ලන්තයේ නඩු විභාගයට මුහුණ දීමට නියමිතය.
නැඟෙනහිර යුක්රේනයේ ගැටුමක් මධ්‍යයේ බෝයිං 777 යානය මෙසේ විනාශ වූයේ රුසියානු පිටුබලය ලැබූ කැරලිකරුවන් එම ප්‍රදේශය අත්පත් කරගෙන සිටියදීය.
මෙම ප්‍රහාරය සඳහා රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් යොදාගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙසේ චෝදනා ලැබූවන් තිදෙනෙකු රුසියානු ජාතිකයන් වන අතර, එක් අයෙක් නැගෙනහිර යුක්රේනයෙන් පැමිණි අයෙකි.
කෙසේ වෙතත් මෙම යානයට එල්ල වූ ප්‍රහාරය රුසියාව යළි යළිත් ප්‍රතික්ෂේප කළද, විවිධ රටවල් 10කට අයත් පුද්ගලයන් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.