චීනයේ Huawei ටෙක්නොලොජීස් විසින් ස්මාට්ෆෝන් සඳහා සිය හිමිකාරීත්වය සහිත HarmonyOS මෙහෙයුම් පද්ධතිය දියත් කරන බව නිවේදනය කරයි.
ගූගල් හි ඇන්ඩ්‍රොයිඩ් වේදිකාව මත පදනම් වූ වර්තමාන මෙහෙයුම් පද්ධතියෙන් මාරුවීමට පරිශීලකයින්ට අවස්ථාව ලබාදෙමින් Huawei සිය ස්මාට්ෆෝන් එකතුවේ සමහර මාදිලිවල HarmonyOS එළිදැක්වීමට පටන් ගන්නා බව කියයි.
HarmonyOS භාවිතය යනු සමාගම තවදුරටත් ඇන්ඩ්‍රොයිඩ් මත රඳා නොසිටින බවය. ඇමෙරිකා එක්සත් ජනපද සම්බාධක මගින් ඇල්ෆාබෙට් සමාගමේ ගූගල් නව Huawei දුරකථන ආකෘති සඳහා තාක්ෂණික සහාය ලබාදීම සහ බොහෝ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් පදනම් කරගත් සංවර්ධක සේවාවන්හි එකතුවක් වන ගූගල් ජංගම සේවා වෙත ප්රවේශවීම තහනම් කළේය.
සාමාන්‍ය ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් හා සමානවම නොගොස්, Huawei මෙම නව මෙහෙයුම් පද්ධතිය Internet of Things වේදිකාවක් ලෙස ස්ථානගත කර තිබේ. එනම් ලැප්ටොප්, ස්මාට් ඔරලෝසු, කාර් සහ විද්‍යුත් මෙවලම් වැනි වෙනත් උපාංග ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ කිරීමද HarmonyOS වෙතින් අරමුණු කරගෙන තිබේ.
මෙම වසර අවසානයේදී ස්මාට්ෆෝන් මිලියන 200ක් සහ තෙවනි පාර්ශවීය ස්මාට් උපාංග මිලියන 100ක් නිපදවීමට Huawei සමාගම අපේක්ෂා කරන බව Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහයේ, මෘදුකාංග අංශයේ සභාපති වැන්ග් චෙන්ග්ලු පැවසීය.
චීනයේ ප්‍රමුඛතම විදුලි සංදේශ උපකරණ නිෂ්පාදකයා ඊනියා ජාතික ආරක්ෂක අවශ්‍යතා හේතුවෙන් 2019 මැයි මාසයේදී එක්සත් ජනපද වෙළෙඳ පොළෙහි අසාදු ලේඛනයට ඇතුළත් විය. එය Huawei නැවත නැවතත් ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වෙතත් මෙම තහනම නිසා Huawei හි ජංගම දුරකථන ව්‍යාපාරය දැඩි පීඩනයකට ලක්විය. ලොව විශාලතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයා වූ Huawei හි 2021 පළමු කාර්තුවේදී 4%ක වෙළෙඳ පොළ කොටසක් ලබා ගනිමින් ගෝලීය වශයෙන් 6 වැනි ස්ථානයට පත් කිරීමට එය හේතු විය.
කෙසේ වෙතත් තවදුරටත් ඇමෙරිකානු මෙහෙයුම් පද්ධති මත යැපීමකින් තොරව තමාගේම මෙහෙයුම් පද්ධතියක් ලෙස HarmonyOS සමග ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියකින් ඔබ්බට සුවිශේෂී වූ අත්දැකීමක් ලබාදීමට Huawei බලා සිටින බව වැන්ග් පැවසීය.
"පවතින මෙහෙයුම් පද්ධතිවල ඇති ගැටලුව නම් උපාංග පහසුවෙන් සම්බන්ධ කළ නොහැකි වීමයි" මේ නිසා පරිශීලකයන්ට බොහෝවිට වෙනම App ඩවුන්ලෝඩ් කර ගැනීමට සිදුවී ඇති බව වැන්ග් පැවසීය.
"නමුත් HarmonyOS මගින් සුපිරි උපාංගයක් සෑදීම සඳහා උපාංග පහසුවෙන් සම්බන්ධ කිරීමට පුළුවන්. එය එක් ගොනු පද්ධතියක් ලෙස ක්‍රියා කරනවා. වචනාර්ථයෙන් එක් උපාංගයක්" යැයි වැන්ග් පැවසීය.
HarmonyOS භාවිත කිරීමට අනෙකුත් ස්මාට්ෆෝන් නිෂ්පාදකයන්ද සාදරයෙන් පිළිගන්නා බව වැන්ග් පැවසූ නමුත්, ස්මාට්ෆෝන් නොවන උපාංග නිෂ්පාදකයින් සමගද Huawei විශාල අවස්ථාවන් දකින බව පැවසීය.