චීනය තුළ HIV ඒඩ්ස් රෝගය ආසානය වූවන්ගේ සංඛ්‍යාව 14%කින් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, චීනයේ ජීවත්වන ජනතාවගෙන් 820,000ක් ඒඩ්ස් රෝගයෙන් පෙළෙන අතර, 2018 දෙවැනි කාර්තුවේදී පමණක් අලුතින් ඒඩ්ස් රෝගයට ගොදුරු වූවන් 40,000ක් වාර්තා වී තිබේ.
එහිදී, මෙම නව රෝගීන්ගෙන් වැඩි පිරිස ලිංගික සම්බන්ධතා හරහා ඒඩ්ස් රෝගයට ගොදුරුව ඇති අතර, එය මීට පෙර පැවති තත්ත්වයන් වෙනස් කර ඇති බවද එරට සෞඛ්‍ය අංශ පවසයි.
මන්දයත්, සාම්ප්‍රදායිකව චීනයේ ඇතැම් ප්‍රදේශවල රෝගය රුධිරපාරවිලයනය හරහා ඒඩ්ස් බහුල වශයෙන් පැතිරීම සිදුව තිබුණි.
නමුත්, මේ වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාහේ අඩුකර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සමත් වුවත්, ලිංගික සම්බන්ධතා හරහා ඒඩ්ස් ආසාධනය වීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළට පැමිණ තිබේ.
සමස්තයක් ලෙස වසරකට ඒඩ්ස් රෝගයට ගොදුරු වන්නන්ගේ ලක්ෂයක පමණ වැඩිවීමක් වාර්තා වන බවද චීන සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.