කොවිඩ්-19 එන්නත් සාධාරණ ලෙස බෙදාහැරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම-නායකත්වයෙන් යුතු වැඩසටහනක් ධනවත් රටවලින් ඉවත්වී දුප්පතුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වී ඇති ඇත.
COVAX වැඩසටහන වසර අවසාන වනවිට මාත්‍රා බිලියන 2ක් ලබා දීමේ ඉලක්කයට වඩා බෙහෙවින් අඩු අගයක පවතී. නමුත් 2022 මුල් භාගය වන විට සැපයුම්වල විශාල වැඩිවීමක් අපේක්ෂා කරන අතර, අවම වශයෙන් ඒවා දැඩි අවශ්‍යතා ඇති රටවල් වෙත ලබාදීමට බලාපොරොත්තු වෙයි.
ලෝකයේ එන්නත් සඳහා නිශ්කාෂණ නිවහනක් ලෙස ක්‍රියා කිරීම, වඩාත් සංවර්ධිත රටවල නිෂ්පාදකයින්ගෙන් එකතු කිරීම සහ වඩාත්ම හදිසි අවශ්‍යතා ඇති අයට ඉක්මනින් බෙදා හැරීම යන COVAX හි ආරම්භක අභිලාෂයන් තවමත් මල්ඵල ගැන්වී නැත.
ඒ හරහා මේ වනවිට එන්නත් මිලියන 90ක් බෙදා හැර ඇත. අධික ජනගහනය සහිත අඩු ආදායම්ලාභී රටවල් කොරෝනා වෛරසයේ නව හා වඩා භයානක විකෘතීන් සඳහා ඉන්කියුබේටර් ලෙස ක්‍රියා කරන අතර, සමහර දුප්පත්ම රටවල් ඔවුන්ගේ ජනගහනයෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් එන්නත් කර ඇත.
ධනවත් රටවල් සාමාන්‍යයෙන් නිෂ්පාදකයන්ගෙන් ඔවුන්ගේම එන්නත් මිලදී ගැනීම සඳහා සිය මූල්‍යමය ශක්තිය භාවිත කිරීමට කැමැත්තක් දක්වයි. එහිදීද සිය වැඩපිළිවෙල හරහා අතිරික්ත එන්නත් බෙදා ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම් නොතකා, එක්සත් ජනපදය, ජපානය සහ යුරෝපා සංගමය යන රටවල් සියල්ලම සෘජුවම රටවලට මෙන්ම COVAX වෙත ද පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබේ.
තමන්ගේම රාජ්‍යතාන්ත්‍රික හා වාණිජමය අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දීමෙන් ධනවත් රටවල් වසංගතයට එරෙහි ගෝලීය අරගලයේ සමස්ත වගකීම භාර ගැනීමේ COVAX අභිලාෂය විනාශ කර දමා ඇත.