www.ada.lk
2026 අප්‍රේල් මස 29 වන බදාදා
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉල්ල කරමින් එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයේ, පෙන්ටගනයට සිදුවූ විනශය දැක්වෙන ඡායාරූප කිහිපයක් FBI ආයතනය විසින් ප්‍රථම වරට මාධ්‍යය වෙත ඉදිරිපත් කර තිබේ.
ඡායාරූප 27කින් යුතු මෙම ඡායාරූප එකතුවේ ප්‍රහාරයෙන් පසුව ගිනිගෙන දැවෙන පෙන්ටගන් ගොඩනැගිල්ලේ ගිනිදැල් අතර සටනක නිරත වන ගිනි නිවන භටයන්, මුදාගැනීමේ කණ්ඩායම් මෙන්ම සුන්බුන් අතර සොදිසි සිදුකරන භටයන් හා විනාශයේ හානිය මොනවාට පැහැදිලි වෙයි.
වර්ජීනියා සිට ලොස්ඇන්ජලීස් දක්වා පියාසර කරමින් තිබූ ඇමෙරිකන් ගුවන් සේවයට අයත් 77 දරණ ගුවන් යානය එදින වේලාවෙන් උදෑසන 9.37 ට පෙන්ටගනයේ හප්පවා පුපුරුවා හැරීමට අල්කයිඩා ඉස්ලාම් ත්රස්තයන් ක්‍රියා කළේය.
ඇමෙරිකානු බලධාරීන් පවසන පරිදි එම ගුවන් යානය පෙන්ටගනයේ පළමු හා දෙවැනි මහල් අතර වැදී තිබූ අතර, ප්‍රහාරයෙන් පුද්ගලයන් 184 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
popular news
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් ගැන ඕස්ට්‍රේලියාව දැක්වූ අදහස්
පාරිභෝජනය පාලනය කරන්න - ඉරාන ජනපති
ඩ්‍රෝන මෙහෙයුමකින් ඇල්ලූ යාල කැලේ ගංජා වගාව
තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් රු. කෝටි 110 මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට
ඉන්දියාව අභිභවමින් චිනය ලංකාවේ විශාලම වෙළඳ හවුල්කරුවා වෙයි
ඇමෙරිකාවේ ඉල්ලීම් සාම සාකච්ඡා අසාර්ථකවීමට හේතුවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd