ලෝකයේ දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම රැජින ලෙස මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අද (21දා) 90 වැනි වියට එළැඹියාය.
බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියමින් නිල රාජකාරීන් සඳහා තවමත් සිය දායකත්වය නිබඳව ලබාදෙන එළිසබෙත් රැජින 90 වැනි වියට පා තැබූවද, බ්‍රිතාන්‍ය සිහසුන අත්හැරීමේ සූදානමක් කිසිසේස්තම නොපෙනෙන බව දේශපාලන විචාරකයෝ පවසති.
සාමාන්‍යයෙන් මහ රැජිනගේ උපන්දිනය සාමාන්‍ය සාදයක් ලෙස පැවතියත් මෙවර ඇය ජීවත් වන වින්ඩ්සර් රජ මාලිගය අසලට පැමිණි ජනයාගේ ආශිර්වාදය ඇය වෙත හිමිව තිබුණි.
මේ අතර, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර හයිඩ් පාක් හා ලන්ඩන් ටවර් ආශ්‍රිතව වෙඩි මුර ආචාරයක්ද මහ රැජින වෙනුවෙන් පැවැත්වූ අතර, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එරට ධජයේ වර්ණයෙන් ආලෝකමත් කර තිබුණි.