බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින 90 වැනි වියට පා තැබීම වෙනුවෙන් දින තුනක් පුරා නිල උපන්දින උත්සවයක් සංවිධානය වී තිබුණි.
විවිධ සංදර්ශන, හමුදා පෙළපාලි සහ උත්සව වෙනුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වී සිටින ආකාරය දැකිය හැකිවිය.
විශේෂයෙන්ම බකිංහැම් මාලිගය අසල වීදි දෙපස ජනතාව රැස්වී ඇය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරද්දී, විශේෂ මෝටර් රථයක නැගී ජනතාවගේ ඔල්වරසන් මැද ඇය මහත් අභිමානයෙන් ගමන් කළ බව කියයි.
මෙම සුවිශේෂී උලෙළ වෙනුවෙන් චාල්ස්, කැමිලා මෙන්ම, විලියම් - කේට් හා හැරී කුමරාද එක්ව සිටිනු දැකිය හැකිවිය.