අනතුරට පත් බෝයිං 737 මැක්ස් යානා සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී ඇමෙරිකන් ගුවන් සේවයේ නියමුවෙකු යම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව වාර්තා වෙයි.
පසුගිය ඔක්තෝබර් මස ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේදී මෙවැනි යානයක් අනතුරට පත්වීමේ සිදුවීමෙන් අනතුරුව ඔවුන් අදාළ යානා සම්බන්ධයෙන් අවධානයෙන් සිට මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
එහිදී, බෝයිං ගුවන් සේවය අදාළ දෝෂයන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව පමණක් පවසා ඇති බව දැනගන්නට තිබේ.
නමුත්, පසුගියදා ඉතියෝපියානු ගුවන් සේවයට අයත් 737 මැක්ස් යානයක් අනතුරට පත්ව පුද්ගල ජීවිත 157ක් අහිමි වනතුරුම බෝයිං සමාගම මෙම ගැටලුවට විසඳීමට කටයුතු නොකළ බවට චෝදනා පවතී.
මේ වනවිට ලොව පුරා 737 මැක්ස් යානා ගොඩබස්වා ඇති අතර, මෙම යානයේ ස්වයංක්රීය තාක්ෂණයක් මෙම අතුරුවලට හේතුව බව මූලික පරීක්ෂණවලින් අනාවරණය විය.