70 වැනි ඉන්දීය ජනරජය දිනය පසුගිය 26දා ඉන්දියාවේ නව දිල්ලි නගරයේදී අභිමානවත් ලෙස සමරනු ලැබීය.
මෙවර සැමරුම වෙනුවෙන් පැවති හමුදා ආචාර පෙළපාලිය ඉන්දියාවේ යුද ශක්තිය කියා පෑ අවස්ථාවක් වූ අතර, සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ පෙළපාලියක්ද විය.
දකුණු අප්‍රිකාවේ ජනපති සිරිල් රාමපෝසා මෙවර ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එරට ව්‍යවස්ථාදායකය විසින් 1949 නොවැම්බර් 26දා සම්මත කරනු ලැබීමෙන් පසු, 1950 ජනවාරි 26දා සිට එය ක්‍රියාත්මක වීම ඇරඹීය.
ඉන්දීය ජාතියේ පියා වන මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම දින සංවත්සරය සැමරීම මෙවර ජනරජ දින සැමරුම් සංස්කෘතික පෙළපාලියේ තේමාව විය.