එක්සත් රාජධානියේ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට හැකි සැමවිටම ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට විකල්ප එන්නතක් ලබාදෙන බව බලධාරීහු අද (07දා) ප්‍රකාශ කළහ.
රට තුළ එන්නත ලබාගත් අය අතර රුධිර කැටි ගැසීමේ තත්ත්වයක් ඇති රෝගීන් 242ක් වාර්තා වී තිබීම මීට හේතුවයි.
එරට එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවට (JCVI) අනුව එන්නත් ලබාගැනීමට ප්‍රමාදයක් නොමැතිතාක් කල්, වයස අවුරුදු 30-39 අතර අයට හැකි සැමවිටම ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට විකල්ප එන්නතක් ලබාදිය බව සඳහන් කර තිබේ.
කොවිඩ් -19 වෛරසයට එරෙහි ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්රතිලාභ අතිමහත් බහුතරයකගේ අවදානම ඉක්මවා යමින් පැවතියත්, යෞවනයන් සඳහා වඩාත් යෝග්‍ය එන්නත භාවිත කළ යුතු බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට එක්සත් රාජධානියේ ආසාදන අනුපාතය වැඩි වශයෙන් පාලනය වන බැවින් කොවිඩ්-19 සමඟ තරුණයෙකු බරපතල ලෙස රෝගාතුර වීමේ සම්භාවිතාව අඩුවී ඇත.