saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 7925 hours ago

LATEST

චීනයේ වැන්ග්-5 යානය සඳ මතට සාර්ථකව ගොඩබසියි

calendar_today 2020 දෙසැ 02 - 06:00 remove_red_eye - 690  

මීට පෙර සඳ පෘෂ්ඨයේ ගොඩබැසීමක් සිදු නොකළ ප්‍රදේශයක මෙම ගොඩබැසීම සිදුව ඇති අතර, ඉදිරි දින දෙක තුළ, ලෑන්ඩර් යානය විසින් චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල කිලෝග්‍රෑම් දෙකක් පමණ එකතු කරගැනීමට නියමිත බව කියයි.

එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල විද්‍යාඥයන් විසින් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇමරිකානු රතු කුරුස සංවිධානය විසින් 2019 දෙසැම්බර් 13 සිට 2020 ජනවාරි 17 දක්වා එකතු කරන ලද රුධිර පරිත්‍යාග විශ්ලේෂණය කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 63,680,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් පැවසුවේ එලැඹෙන නිවාඩු සමයේදී වසංගතය තුළ එම කාලය සමරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙවරක් සිතා බැලීමට මිනිසුන් පෙළඹවිය යුතු බවයි. ’’අප ගන්නා තීරණවලදී අපි සූදුවේ නියැලෙන්නේ කාගේ ජීවිත සමගද යන්න ගැන අප සලකා බැලිය යුතුයි.’’

Read More

බීජිං හි අණදෙන කණ්ඩායමේ ප්‍රධානී ලියු ජියැන්ගාං පවසන පරිදි නියැදි ලබාගැනීමෙන් පසු චන්ද්‍ර පෘෂ්ඨයෙන් නැගීම පැය 48 ක් ඇතුළත අවසන් කළ යුතු බවය.

Read More

නව කොරෝනා වෛරසය සඳහා වූ එන්නතක් ක්ෂිතිජයේ පැවතුණත්, මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පහකට අනුගත වීමේ වැදගත්කම වෛද්‍ය ෆවුසි අවධාරණය කරයි. ඒ මුඛ ආවරණයක් පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, සමූහයා මග හැරීම, ගෘහස්ථව වෙනුවට එළිමහනේ ක්‍රියාකාරකම් කිරීම සහ නිතර දෑත් සේදීම යි.

Read More

කාර්ය සාධක බලකායට සමීප තවත් මූලාශ්‍රයක් පවසා තිබුණේ ඇට්ලස්ගේ නික්මයාම ඉහළින්ම පිළිගැනෙන ප්‍රවෘත්තියක් වන බැවින් ඔහුගේ අපකීර්තිමත් න්‍යායන්ට තවදුරටත් මේසයේ අසුනක් නොමැති බවය.

Read More

මොඩෙර්නා ඖෂධ නිෂ්පාදන සමාගමෙහි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පැවසුවේ ’’මම මටම අඬන්න දුන්නු පළමු අවස්ථාව මෙයයි. මේ වසංගතයේ ගමන්මඟ වෙනස් කිරීමට අපට පූර්ණ අපේක්ෂාවක් පවතිනවා.’’ යනුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,466,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

අසම්පූර්ණ ලෙස වාර්තා කිරීම, කිසිවිටෙකත් පරීක්ෂාවට ලක්නොවූ රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් නොසලකා හැරීම සහ ව්‍යාජ සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල මේ සඳහා හේතු වී තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිත ගර්භිණී කාන්තාවකට ගර්භිණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී වෛරසය ඇගේ කලලයට හෝ දරුවා වෙත ගමන් කිරීමක් සිදුවිය හැකිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

චෙක් ජනරජයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙජ් සජීවී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තාකරුවන් ඉදිරියේ පෙනී සිටිමින් සීමාවන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තම ජනතාවගෙන් බොහෝ වරක් සමාව ඉල්ලා සිටියේය.

Read More

තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් රෝහලේ සිට කොරගසමින් පැමිණ මෝටර් රථයට ගොඩවන වීඩියෝවක් තම ට්විටර් ගිණුමේ පළ කර ඇති වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට ඉක්මණින් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

Read More

පාසල් විවෘතව තබා ගැනීම සඳහා ඇමරිකානුවන් විසින් ප්‍රජාව තුළ වෛරසය පැතිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවද ‍වෛද්‍ය ෆවුසි සඳහන් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 62,640,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

බිරිඳ ධනාත්මක වූ පසුව, අග්‍රාමාත්‍යවරයා සඳහා පසුව සිදුකළ පරීක්ෂාව සෘණාත්මක වුවත්, වැඩිදුර ආරක්ෂාව සඳහා හෙතෙම දින 10ක නිරෝධායනයකට යොමුව ඇති අතර, ඔහු නිවසේ සිට වැඩ කරන බව රජය නිවේදනය කරයි.

Read More

ජර්මනියේ ඉහළම වෛරස විද්‍යාඥයා පවසන්නේ, ’G’ විකෘතිය ලෙස ලෙස හැඳින්වෙන ඉතාලියේ වෛරස මාදිලිය නව කොරෝනා වෛරසයේ ජාන විකෘති වූවක් වන අතර, චීනයේ කොවිඩ්-19 වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ වූහාන් හිදී හමුවූ ප්‍රභේදයට වඩා මෙම වෛරසය බොහෝ සෙයින් බෝවන වෛරසයක් බවය.

Read More

බයෝ එන්ටෙක් සහ ෆයිසර් එන්නත භාවිත කරන පළමු වැනි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය 2020 දෙසැම්බර් 7දා සිට සිදුවිය හැකි බව නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කරයි.

Read More

70 දශකයෙන් පසුව ප්‍රථම වරට චන්ද්‍ර පෘෂ්ඨයෙන් පාෂාණ සාම්පල රැගෙන ඒමද මෙම මෙහෙයුමේ කොටසක් වන අතර, ඒ සමග එක්සත් ජනපද හා සෝවියට් චන්ද්‍ර මෙහෙයුම්වලින් පසුව එය සිදුකරන තෙවැනි රට බවටද චීනය පත්වනු ඇත.

Read More

වසංගතය පිටුදැකීමට මේ මොහාතේ රටකට වඩාත් තීරණාත්මක අමාත්‍ය ධුරයක් ලෙස බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් මෙම එන්නත් අමාත්‍ය ධුරය හැඳින්වූ අතර, කොන්සර්වේටිව් දේශපාලඥයෙකු වන නදීම් සහාවි ඒ සඳහා පත්කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,450,000 සීමාවට පැමිණ, ආසාදිතයන් සංඛ්‍යාව 62,000,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

උතුරු කොරියානු හැකර්වරු LinkedIn සහ WhatsApp හි රැකියා සඳහා බඳවා ගන්නන් ලෙස පෙනී සිටිමින්, ඇස්ට්‍රාසෙනෙකා කාර්ය මණ්ඩලයට (විශේෂයෙන් වෛරස පර්යේෂණයන්හි නියුතු අය ඇතුළුව) ව්‍යාජ රැකියා අවස්ථා ලබාදීමට ඉදිරිපත්ව තිබේ.

Read More

’’මම ඔබට කියන්නෙ, මම නම් එය ගන්නෙ නැහැ. මොකද ඒක මගේ අයිතිය’’ ජූලි මාසයේදී වෛරසය වැලඳීමෙන් පසුව පවා කොවිඩ්-19 හි බරපතලකම අවතක්සේරු කළ බ්‍රසීල නායකයා කියා සිටියේය.

Read More

ජිනීවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.

Read More

’’සෑම රටකටම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇති අතර ඇත්ත වශයෙන්ම අධිශීත දාමයක් ඇති එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය පද්ධති නවීකරණය කිරීමට සිදුවනු ඇති’’ WHO ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා අධ්‍යක්‍ෂිකා කැතරින් ඕ බ්‍රයන් කියයි.

Read More

’’අනාරක්‍ෂිත අය වටා ආරක්ෂිත පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටිනවා නම් ඵලදායී ලෙස බාධකයක් තිබෙනවා. එන්නත් ලබා නොගත් සමහර අය වටා ආරක්ෂිත වැටක් තිබෙනවා. එන්නත් ලබා ඇති පුද්ගලයින්ගෙන් සුසැදි ආරක්ෂිත වැටක්. එබැවින් ඔබට සෑම කෙනෙකුම එන්නත් නොකර කොරෝනා පාලනය සහ මුලිනුපුටා දැමීම කළ හැකියි.’’

Read More

ඉරාන විදේශ ඇමති සරීෆ් මෙම ඝාතනය බියගුලු ක්‍රියාවක් ලෙස හඳුන්වා සිටියේ, ඝාතනය පිටුපස ඊශ්‍රායලයේ භූමිකාවක් පිළිබඳ බරපතල ඇඟවීමක් සමගිනි.

Read More

නොවැම්බර් 21 ආසාදන මිලියන 12ක් වාර්තා කිරීමෙන් දින 6කට පසු ඇමෙරිකාව ආසාදන මිලියන 13ක් වාර්තා කළ අතර, ලෝකයේ තවත් රටවල් 11ක් එම රටවල සමස්ත කොවිඩ්-19 ආසාදන මිලියනයකට වඩා වාර්තා කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 61,500,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

වර්තමාන තත්වයන් යටතේ පරාජය පිළිගැනීම තමාට ඉතා අසීරු බව සඳහන් කළ ට්‍රම්ප්, යම් ලෙසකින් බයිඩන් ජනපති ධුරයට දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වන්නේ දැයි යන්නට පිළිතුරු දීමද ප්‍රතික්ෂේප කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.